Wednesday, June 26, 2013

Google Adsense මගින් මුදල් ඉපයීම 11 - FaceBook උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීම 02

Google Adsense මගින් මුදල් ඉපයීම 11 - FaceBook උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීම 02

මම කලින් ලිපියකදී මහ ලොකු වීරයා වගේ කීවා ඔයාලට FaceBook Clickersලා හා FaceBook USA Friendsලා Suggest කරලා දෙන්නම් කියලා.ඒත් එහෙම කර කර ඉන්න වෙලා මට නැහැ.Suggest කරලා දෙන්න කියලා මට ලැබෙන E-mail ප්‍රමාණය ඉතා අධිකයි.මේ නිසා ඔයාලා අමනාප වෙන්න එපා!ඒකට පිලියමක් අද මම ඔයාලට දෙනවා.පහත තියෙන්නේ FaceBook Clickersලාගේ Group කිහිපයක්.ඔයාලට තියෙන්නේ මේ Group වල ඉන්න අයව Add කර ගන්න.සමහර Group Close කරලා ඇති.ඒත් ඒවායේ ඉන්න එවුන් තාම ඉන්නවා.ඒක නිසා උන්ව Add කර ගන්න.මේ Clickersලා Add කර ගන්න ගියහම කරන්න තියෙන්නේ අලුතින් FaceBook profile එකක් හදන්න.ඒකේ Profile Picture එකට Adsense වල Image එකක් දාන්න.ඊට පස්සේ User Name එකට VimasumClicker වශයෙන් නමට පිටිපස්සෙන් Clicker කියන කෑල්ල යොදන්න.Clickersලා 200-300 ක් Add කර ගත්තාම හොදටම ඇති.ඊට පස්සේ Clickersලා අපට Request දානවා.Clickersලා ගැන මම කලින් ලියපු ලිපිය කියෙව්වේ නැත්නම් මෙතනින් ගිහිල්ලා කියවන්න.

Clickers+Adsense කස්ටිය
http://www.facebook.com/groups/186896184715982/
http://www.facebook.com/groups/270498129636175/
http://www.facebook.com/groups/all.cilcker/
http://www.facebook.com/groups/adsenseearns/
http://www.facebook.com/groups/159903544128/
http://www.facebook.com/groups/oew.news/
http://www.facebook.com/groups/flixyasense/
http://www.facebook.com/groups/191538104244867/

Clickersලා අපට Request දානවා
පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න

දැන් Clickersලා ගැන ඉවරයි.දැන් කියන්න යන්නේ USA FaceBook Friends ගැන.මට Suggest කරන්න වෙලා නැහැ කියලා කිව්වානේ මුලදිම.ඒකට පිලියමක් දෙන්න තමා යන්නේ.මේකට මම පිලියම් දෙකක් දෙනවා.පලවන පිලියම ලෙස ඔයාලට FaceBook හරහා රට අනුව හෝ ඔබට ඕන ප්‍රවර්ගය යටතේ Friendsලා හොයා ගන්න හැටි මම කියලා දෙනවා.දෙවන පිලියම ලෙස මම FaceBook Friendsලාගේ Email ලිපින 100,000 කට අධික ප්‍රමාණයක් ලබා දෙනවා.දැන් හිතෙනවා ඇතිනේ මේ FaceBook Friendsලාගේ Email වලින් මොනවා කරන්නද කියලා.ඒ ගැන මේ ලිපියෙන් ලියන්නම්.කියවගෙන යන්නකෝ.

FaceBook හරහා රට අනුව හෝ ප්‍රවර්ගය යටතේ Friendsලා හොයා ගන්න හැටි....

ඔයාලා සාමාන්‍යයෙන් Friend කෙනෙක් Add කර ගන්න ඕන වුනාම කරන්නේ FaceBook එකේ Search කරන එක නොවෑ.එහෙම කරාම සමහර වෙලාවට අපට අප හොයන එකාව හම්බෙන්නේ නැහැ.එකම නම තියෙන උන් ගොඩක් ඉන්නවා නොවෑ.අපට ඕන එකාව හොයා ගන්න කරන්න ගොඩක් දේවල් තියෙනවා.සාමාන්‍යයෙන් ඔය FaceBook වල තියෙන Search Bar එකේ Search කළාම අපට පෙන්නන්නේ අපේ Friendsලාගේ Profile වල ඉන්න අපි හොයන නම තියෙන උන්ව තමා.ඒක නිසා තමයි කොච්චර හෙව්වත් සමහර උන්ව හම්බෙන්නේ නැත්තේ.ඒක නිසා අද මම කියලා දෙන්න යන්නේ අපට ඕන එවුන් හොයා ගන්න විදිය ගැන.අපි ඇඩ්සෙන්ස් කරන නිසා අපට ඕන USA,UK,Australia,Canada,etc... වගේ උන්.


01.පලමුව ඔයාගේ ඕනම එකකින් පහත ලින්ක් එකට පිවිසෙන්න.
http://www.facebook.com/find-friends/browser/

පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න.
දැන් ඉහත ආකාරයේ Page එකකට පිවිසේවී.මේකේ රවුම් කරලා තියෙන දේවල් පොඩ්ඩක් බලන්න.


02.ඉන්පසු HomeTown එක අනුව මම Search කරනවා.මට ඕන USA Friends නිසා Los angeles ලෙස Type කරනවා.
පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න.
 පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න.
මට Los angeles වල ඉන්න Friendsලා ලැබිලා තියෙනවා.කරන්න තියෙන්නේ Add කර ගන්න එක විතරයි. 
03.දැන් මම London ලෙස සටහන් කර Search කරනවා.
  පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න.
 දැන් මට London වල ඉන්න Friendsලා ලැබිලා තියෙනවා කරන්න තියෙන්නේ Add කර ගන්න එක විතරයි.
04.දැන් මම Sydney ලෙස සටහන් කර Search කරනවා.
 පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න.
 දැන් මට Sydney වල ඉන්න Friendsලා ලැබිලා තියෙනවා කරන්න තියෙන්නේ Add කර ගන්න එක විතරයි.
05.දැන් මම Brazil  ලෙස සටහන් කර Search කරනවා.
පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න
 ඔයාලට පේනවා ඇති මෙම ක්‍රමය කොපමණ සාරථක ක්‍රමයක්ද කියලා.ඔය Search කරන කොට සමහර අපේ පිස්සු බුවාලා ඒ අතර එක එක බොරු Details දාගෙන ඉන්න පුලුවන්.ඒ බව ඉහත Screen Shot  වලිනුත් පැහැදිලි වෙනවානේ.ඒ වගේ උන්ව ඇඩ් කර ගන්න එපා.ඒ වගේ එකෙක් ඇඩ් වුනොත් ඌව ඉවත් කරන්න.එතකොට ඔය සුද්දෝ ඉන්න Groups අපට හමුවන්නෙත් Mutual Friends හරහාමයි.ඔය සුද්දෝ අපේ Profile එකේ ඉන්න කොට අපට ලේසියෙන් සුද්දෝ ඉන්න Groups හොයා ගන්නත් පුලුවන්.මේ ආකාරයට Search කරලා Friendsලා Add කර ගන්න එක 99%ක් සාරථකයි.ඒ වගේම ඔබ වැඩිපුර Request දාලා Profile එක Block කර ගන්න එපා.

FaceBook Friendsලාගේ Email ලිපින 100,000 කට අධික ප්‍රමාණයක්....
සාමාන්‍යයෙන් Friend කෙනෙක් හොයන කොට අපි කරන ක්‍රමයට තමා නම ගහලා Search කරන එක.ඒත් ඒ Friendගේ Email එක ගහලා Search කරනවානම් ඔබට කෙලින්ම එම Friendව හොයා ගන්න පුලුවන්.ඔයාලට නම ගහලා Search කරනකොට වගේ එකම නම තියෙන උන් ගොඩක් හමබවෙන්නේ නැති වේවී.ඒක නිසා අද මම ඔයාලට Active FaceBook Users 106,344කගේ Email Address ලබා දෙනවා.පහත ලින්ක් එකෙන් බාගන්න.ඔයාලට කරන්න තියෙන්නේ මෙච්චරයි.FaceBook එකේ එක එක Copy & Paste කර කර Friendsලා Add කර ගන්න එක.මම හිතනවා ඔයාලට මේ ලිපින වලට Email යැවීම තුලින් වඩා ඵල ප්‍රයෝජන ගන්න පුලුවන් කියලා.මොකද මේ සියලු ලිපින Active FaceBook Usersලාගේ නිසා මෙයාලා තම Email ගිණුමට Log වෙන අය වෙන්න පුලුවන්.තවද මේ සියලු Email ලිපින වලංගු ඒවා වේ.මම මේ සතියේ ඒවා Verifier කළා.ඔයාලා Email යවන කොට ඇඩ්සෙන්ස් තියෙන Email එකෙන් Email යවන්න එපා.මොකද ඔය Email යවන්න ගිහින් ඇඩ්සෙන්ස් ඩිසේබල් වන අවස්ථා තියෙනවා.ඒක නිසා වෙනම Email එකක් ඒ සදහා භාවිතා කරන්න.

මෙසේ ඔබ Email යවන කොට ඔබගේ වෙබ් අඩවියට පිවිසෙන ලෙස බල කිරීම කරන්න බැහැ.ඒ වගේම වෙබ් අඩවියට පැමිණෙන ලෙස ඉල්ලීම හෝ ආයාචනා කිරීම කරන්න බැහැ.ඒ වගේම ඇඩ් ක්ලික් කරන ලෙස ඉල්ලීම සහ Impression ලබා දෙන ලෙස ඉල්ලීම කරන්න බැහැ.Email ලිපින 100,000ක් තියෙනකොට මේවා හසුරුවන්න හරි අමාරුයි.ඒකට මේ අලුත් Notepad එක භාවිතා කරන්න ඒක බාගන්න මෙතනින් යන්න.මම හිතන්වා මේ Email ලිපින ඔයාලගෙම කියලා Fan Page එකක් හෝ Group එකක් හදනකොට වැදගත් වේවී කියලා.තවද මේ Email ලිපින වල ඉන්න පොරවල් ඔයා ඇඩ් කර ගන්නවානම් ඒ සදහා ඔබට මාස 2-3ක් ගත විය හැක.එතකොට සමහරුන්ට ඔය Fiverr වල Gig දාගෙන විකුනගන්න පුලුවන්.I will give you 500 Face Book Likes in 24hrs for $5 කියලා.මොකද ආප සතුව Friendsලා 25,0000--30,000ක් ඉන්න කොට Likes 500ක් දෙන එක ගේමක්ද?

මා සතුව වර්තමානය වන විට Active FaceBook Usersලාගේ Email ලිපින ලක්ෂ්‍ය 43ක් පමණ තියෙනවා.තවද විවිධ ප්‍රවර්ග යටතේ(Country,Commus,Products,etc... ) Email ලිපින බිලියන 950ක් විතර තියෙනවා.ඒවාත මම පොඩ්ඩ පොඩ්ඩ ඔයාලට ඉදිරියේදී දෙන්නම්.

Emoney වලට නවකයෙක්ද?

Emoney වලට නවකයෙක්ද?

 
මම පසුගිය ලිපියේ කියූ ආකාරයට දිනපතා Emoney ක්ෂේත්‍රය දෙසට යොමු වන පිරිස වැඩියි.ඒ නිසා ඒ අය වෙනුවෙන් තමා මේ ලිපිය ලියන්නේ.ඒ වගේම අනිත් අයටත් වැදගත් වේවී කියලා හිතනවා.ඒ නිසා කියවලම බලන්න.මේ ලිපියේදී එදිනෙදා ඔබ Emoney ගැන මගෙන් අහන ගැටලු කිහිපයක් ගැන තමා සාකච්චා කරන්නේ.ඒ ඔක්කොම යන්නේ Q & A ක්‍රමයට.මම හිතනවා මේ ලිපියෙන් පස්සේ ඔයාලගේ හිත්වල තියෙන ගොඩාක් ප්‍රශ්න විසදෙයි කියලා.

01.අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන්ද?
ඔව්.ඇත්තටම අන්තර්ජාලය හරහා නීත්‍යානුකූලව නිවසේ සිට මුදල් උපයන්න පුලුවන්.නමුත් එය ඔය පත්තරවල පලවන ආකාරයට බැහැ.

02.අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කෙසේද?
සාමාන්‍ය ජීවිතයේදී අපි ඇගපත මහන්සි කරලා තමා මුදල් උපයන්නේ.අන්තර්ජාලය හරහා මුදල් උපයන්නේ මොළය වෙහෙසලා.එම නිසා අන්තර්ජාලය හරහා මුදල් ඉපයීම ලේසි දෙයක් ලෙස සලකන්න එපා.

03.අන්තර්ජාලය තුළ මුදල් ඉපයීමට භාවිතා කළ හැකි ක්‍රම මොනවාද?
  I. Forex - ජාත්‍යන්තර කොටස් වෙලද පොලේ ආයෝජනය කිරීම තුලින්.
 II. Affiliate Marketing - අන්තර්ජාලය හරහා තැරව්කරුවකු වීම.භාණ්ඩ හා සේවා හදුන්වාදිම වෙනුවෙන් යම්කිසි කොමිස් මුදලක් ඉපයීම හෝ යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගෙන එය වැඩි මිලකට විකිණීම තුලින් මුදල් ඉපයීම.
උදා: - Ebay,Clickbank,Webhost Reseller......
Clickbank මගින් මුදල් උපයන ආකාරය ඉගෙනගන්න මෙතනින් යන්න.
III. PTC Sites(Bux) - මේවා පසුපස ඔබ හමා යන්න එපා.මක්නිසාදයත් ඔබ Emoney වලට නවකයෙක් නිසා ඔබ ව්‍යාජ අඩවි වලට හසුවී Emoney එපා වෙන්න පුලුවන්.(Ads Click/Mouse Click)
IV.PPC Sites - තමාගේ වෙබ් හෝ බ්ලොග් අඩවියේ වෙබ් අඩවි වලින් ලබාදෙන දැමීම තුලින් මුදල් ඉපයීම.
උදා: - Google Adsense,Adbright,Geegain......
V. Data Entry Jobs - මෙම වෙබ් අවවි වල ලියාපදිංචි වී ඔබට හැකියාව ඇති ඕනම ක්ෂේත්‍රයක Job ලබාගෙන ඒවා නිම කිරීම තුලින් මුදල් ඉපයීම.තම ආයතනයේ වැඩ කටයුතු සදහා විදේශ රටවලින් ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමේදී වීසා,නවාතැන් පහසුකම්,විදේශ ‍රැකියා ආයතන සදහා වැය වන මුදල් ආදිය වැය කිරීමට සිදු වන නිසාත් තම වැඩ කටයුතු වේගයෙන් හා අඩුම මුදලක් ගෙවා ඉහළ ගුණාත්මක භාවයකින් කර ගැනීමේ අරමුණින් විදේශ රටවල බොහෝ සමාගම් මෙම වෙබ් අඩවි වල ලියාපදිංචි වී තමන්ට නිමකරගත යුතු වැඩ මෙහි පල කරන අතර අපට එම වැඩ ලබාගෙන නිම කිරීම තුලින් මුදල් ඉපයිය හැක.මෙවැනි අඩවි වල ඔබ ලියාපදිංචි වීමේදී කිසිදු මුදලක් ගෙවිය යුතු නැත.(Word/Exel/Graphic Designing,Software Development,Web Designing,Accounting,Audio Editing,Video Editing,Article Writing,etc..)
උදා: -Odesk,Freelancers......
Odesk මගින් මුදල් උපයන ආකාරය ඉගෙනගන්න මෙතනින් යන්න.
VI. Mini Data Entry Jobs - ඔබට මහා පරිමාණයේ වැඩ නිම කළ නොහැකි නම් කුඩා ඉතා පහසුවෙන් නිම කළ හැකි නිම කිරීම තුලින් මුදල් ඉපයිය හැක.(Facebook,Youtube,Gmail,etc..)
උදා: Microworkers,(සාර්ථක මුදල් ගෙවයි.)Minuteworkers,(තාවකාලිකව අඩපණ වී ඇති නිසා වැඩ කිරීමෙන් වලකින්න.)
VII. කඩ්ඩෙන් කොටා මුදල් ඉපයීම - ඔබේ ඉංග්‍රීසි දැනුම ඉහළ නම් මෙය සිදු කළ හැක.මෙම වෙබ් අඩවි මගින් ලබා දෙන මාතෘකාව ඔස්සේ රචනා/ලිපි ලිවීම තුලින් මුදල් ඉපයිය හැක.(Article Writing)
උදා: iWritter....
iWritter මගින් මුදල් උපයන ආකාරය ඉගෙනගන්න මෙතනින් යන්න.
VIII. උත්සාහයෙන් මුදල් ඉපයීම - ඔබේ හැකියාව, උත්සාහය හා උනන්දුව මත මුදල් ඉපයිය හැක.ඔබට කිසිදු මෘදුකාංගයකින් වැඩ කිරීමට නොහැකි නම් මෙම ක්‍රමය හරහා මුදල් ඉපයිය හැක.ඊට අමතරව Odesk,Freelancers හරහා ඔබට ලැබෙන් Job ප්‍රමාණය අඩුනම් මෙම වෙබ් අඩවි හරහා විශාල ලෙස මුදල් ඉපයිය හැක.(Word/Exel/Graphic Designing,Software Development,Web Designing,Accounting,Audio Editing,Video Editing,Article Writing,Facebook,Youtube,Google+,Twitter,Blogger,Wordpress,etc...)
උදා: - Fiverr,Gigbucks....
Fiverr මගින් මුදල් උපයන ආකාරය ඉගෙනගන්න මෙතනින් යන්න.

ආශ්‍රිත ලිපි : ඇඩ්සෙන්ස් බැරිනම්.....(කියවන්න මෙතනින් යන්න)

Google Adsense Q & A......
1. Google Adsense කියන්නේ ?
Google Search Engine එක ව්‍යාප්ත වීමත් සමග Google Adword කියලා වැඩසටහනක් ආරම්භ කළා.Google Adword වෙත වෙලද දන්වීම් ලබාදිය හැකි අතර ඒවා Google Search Eninge එක ඔස්සේ ප්‍රචාරණය කරන ලදි.මේ තුලින් Google සමාගම විශාල මුදල් උපයන ලදි.ඒ අනුව මේ ආදායම තව තවත් වැඩි කරගැනීමේ අරමුණින් Google සමාගම ‍තෝරාගත් ලෝකයේ හොදම වෙබ් අඩවි කිහිපයකට මෙම වෙලද දැන්වීම් ලබාදුන් අතර එම වෙලද දැන්වීම් ප්‍රචාරණය කිරීම වෙනුවෙන් එම වෙබ් අඩවි වලට මුදල් ගෙවන ලදි.ඒ Google Adsenseහි ආරම්භයයි.පසුකාලීනව ඕනම කෙනෙක්ට වෙබ් හෝ බ්ලොග් අඩවියක් සකසා ඊට Google සමාගමේ වෙලද දැන්වීම් ප්‍රචාරණය කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා සිටිය හැක.ඒ අනුව එම වෙබ් බ්ලොග් අඩවියේ ගුණාත්මක භාවය සැලකිල්ලටගෙන ගූගල් සමාගම තම හවුලට එම වෙබ් අඩවිය එකතු කරගන්නවාද නැද්ද යන්න තීරණය කරයි.

2.Impression කියන්නේ ?
වෙබ් පි‍ටුවකින් වෙබ් පි‍ටුවකට යාමේදි එම වෙබ් පි‍ටු අතර ස්ථානගත කර ඇති Ads Unit, Reload/Refresh වීමක් සිදුවේ.මෙසේ එම Ads Unit Reload වන එක වාරයක් Impression එකක් ලෙස සැලකේ.Google Adsenseහි ඇති විශේෂත්වය වන්නේ අපට ලැබෙන Impression ගණනනටත් මුදල් ගෙවීමයි.මීට අමතරව CTR යන පදයට සමාන පදයක් ලෙස යම් යම් තැන් වල භාවිතා කළත් එහි නියම අරුථ ඉහත අරුථයි.

3.CTR එක කියන්නේ ?
Impression හා Clicks අතර අනුපාතය ප්‍රතිශතයක් ලෙස ගත්තාම එයට CTR එක ලෙස හදුන්වනවා.Google Adsense සතු ඵලපුරුද්ද අනුව සාමාන්‍යයෙන් Impression 40කට එක Click එකක් Click වන බව ඔවුන් දනී.ඒ අනුව Impression 400කට Ad 10ක් Click විය හැකි බව ඔවුන් දනී.නමුත් Impression 400කට Ad 40ක් Click විය නොහැකි බව ඔවුන් දනී.ඒ අනුව CTR එක 8-10%කට වඩා වැඩි ගිණුම ව්‍යාජ ගිණුම් ලෙස සලකා ඒවා අවලංගු කරනු ලැබේ.එම නිසා සෑම විට CTR එක 5%ට වඩා අඩුවෙන් තියා ගන්න උත්සාහ කරන්න.

4.CPC එක කියන්නේ ?
ඔබගේ Impression හා Clicks අනුව Impression 1,000 කදී ඔබ උපයන මුදල CPC එක ලෙස ගණනය කර පෙන්වනු ලැබේ.මෙය $10-15 අතර තියේ නම් වඩා සුදුසුය.මොකද එවිට අපිට ඉහල ආදායමක් ලබාගත හැකි නිසාය.මෙය $10-15 අතරට ගැනීමට නම් ඔබේ එක Click එකකට ලැබෙන මුදල ඉහල අගයක් ගත යුතුය.ඇමරිකානු,යුරෝපානු,ඕස්ට්‍රේලියානු Click සදහා වැඩි මුදලක් ගෙවයි.ඔවුන් වැඩිපුර අපේ බ්ලොග් කරා ගෙන්වා ගත හැකි නම් හෝ ඔබට High Paying Key Words යටතේ ලිපි ලිවිය හැකි නම් ඔබට ඉහළ ආදායමක් ලබාගත හැක.

5.High Paying Key Words කියන්නේ ?
වැඩිම මිලකට විකිණෙන වෙලද දැන්වීම් වලට අදාල Keywords නිකුත් කරනු ලැබේ.මේවා සොයා ගැනීමට අවශ්‍ය නම් ඔබට Google Search කිරීම මගින් සොයාගත හැක.යම්කිසි කෙනෙක් වෙබ් පි‍ටුවකට පැමිණි විගස එම විසිටර්ගේ රට සහ ඔහුගේ Cookies හරහා ඔහු සොයන ලද දේවල් ගැන සහ එම වෙබ් පි‍ටුවේ අඩංගු වචන වලට ගැලපෙන ආකාරයට වෙලද දැන්වීම් දිස්වනු ඇත.එම නිසා අප කළ යුත්තේ High Paying Key Words යොදාගෙන ලිපි අපේ බ්ලොගයේ ලිවීමයි.

6.Google Terms මොනවාද?
Google Terms 18ක් තිබුණාට ඒවායින් ඔබ දැනගත යුත්තේ කිහිපයකි.ඕනම වෙලාවක ගිණුම අවලංගු කිරීමේ හැකියාව Google සමාගමට ඇති බව ආදී වැල්වටාරම් රාශියක් තිබෙනවා.නමුත් ඔබ දැන ගත යුත්තේ පහත නීති රීති පමණි.
A.ඔබට ඔබේම Ad Click කළ නොහැක.
B.මුදල් ගෙවා හෝ නොගෙවා Ad Click කරවා ගැනීම වරදකි.
C.Impression or Clicks ලබා දීමට බලකිරීම,ඉල්ලීම්/ආයාචනා කිරීම, වරදකි.එසේ සිදුකරන ලෙස ඉල්ලා Email යැවීම හෝ බ්ලොගයේ පලකිරීම වරදකි.
D.එකවර එක්කෙනෙක්ට Google Adsense ගිණුම් දෙකක් සක්‍රීයව තබාගත නොහැක.
ඔයාලට අවශ්‍යම නම් මෙතනින් යන්න.මේ බ්ලොග් එකේ කොලුවා දාලා ඇති ඇඩ්සෙන්ස් නීති රීති ටික සිංහලෙන්.

7. Google Adsense Disable වෙන්න හේතු මොණවාද?
ඉහත සදහන් කළ ඕනම නීතියක් කඩ කර ඒ බව Google Adsense විසින් හදුනාගතහොත් ඔවේ ගිණුම Disable වේ.

8.Google Adsense Disable වූ පසු නැවත ගිණුමක් සාදාගත හැකිද?
බොහෝ පිරිසක් තුල මතයක් තියෙනවා එක පාරක් Adsense Disable වුණා කියන්නේ ආයේ Adsense Disableවූ ගිණුමේ නමට,ලිපිනයට ආයේ ගිණුමක් ලබාගත නොහැකි බවයි.නමුත් එසේ නොමැත.ඔබේ ගිණුම Disable වූයේ නම් ඔබට නැවත Adsense වෙත අයදුම් කළ හැක.ඔබ කළ යුත්තේ අලුතින් Gmail ගිණුමක් සකසා හොද බ්ලොග් එකක් සකසා නැවත Adsense ඉල්ලීමයි.

9.Adsense ගන්න Toplevel/Full Domain එකක් ඕනද?
නැත.ඔබේ බ්ලොගයේ ගුණාත්මක භාවය හොදයි නම් ,blogspot.com/.wordpress.com ආදි වශයෙන් ඇති Subdomain වලටත් Adsense ගිණුම් හිමිවේ.

10.Adsense මගින් උපයන මුදල් ලංකාවට ගෙන්වා ගන්නේ කෙසේද?
ඔබේ ගිණුමේ $100 පිරුණු පසු ඔබේ නිවසටම චෙක් පතක් මගින් මුදල් එවනු ලැබේ.

11.Google Adsense මගින් කොපමණ මුදලක් ඉපයිය හැකිද?
Google Adsense හරහා ඔබ උපයන මුදල තීරණය වන්නේ ලැබෙන Clicks මතයි.ලැබෙන Clicks  ගණන තීරණය වන්නේ බ්ලොගයට එන Visitorsලා ගණන අනුවයි.එම නිසා ඔබේ බ්ලොගයට පැමිණෙන විසිටර්ස්ලා ගණන අනුව තමා Earnings තීරණය වන්නේ.

12.බ්ලොගයට වැඩිපුර Visitorsලා ගෙන්වා ගන්නේ කොහොමද?
ඔබේ බ්ලොගයට පැමිණෙන විසිටර්ස්ලා ගණන ඔබේ බ්ලොගයේ ගුණාත්මක භාවය මත රදා පවතිනවා.කිසියම විසිටර් කෙනෙක් ඔබේ බ්ලොගයට ආපු ගමන් ඔහුට සිත් ඇදගන්නා සුලු පෙනුමකින් බ්ලොගය තියෙන්න ඕන.ඒ කියන්නේ හොද Template එකක් භාවිතා කරන්න ඕන.ඒ වගේම එහි අන්තර්ගත ලිපි තමාගේම විය යුතු යැයි මගේ මතය.මොකද එම ලිපි කියෙව්වාම එහි හරයක් ඇති බවත් ඉදිරියේදී තවත් හරවත් ලිපි පල විය හැකි නිසා නැවත මම මේ බ්ලොගයට පැමිණිය යුතුය යන ආකල්පය විසිටර් තුල ඇති කිරීමට ඔබ සමත් විය යුතුය.එය කිරීමට නම් හොද ලිපි ලියන්න ඕන.ඒ වගේම බ්ලොගයක් පටන් ගත් විගස අපි Traffic Sources Build කරන්න ඕන.

13.Traffic Sources Build කරන්නේ කොහොමද?
A.සෙවුම් යන්ත්‍ර වෙත ඔබේ බ්ලොගය ඇතුලත් කිරීම.
B.සමාජ ජාලා වෙබ් අඩවි වල ඔබේ බ්ලොගය ප්‍රචාරණය.
C.ඔබේ බ්ලොගය සින්ඩිකේටර වෙත ඇතුලත් කිරීම.
මීට අමතරව ගොඩාක් ක්‍රම තියෙනවා.ඒ ගැන අපි ඉදිරියේදී කථා කරමු.

14.සිංහල බ්ලොග් වලට Adsense දෙනවාද?
සිංහල බ්ලොග් වලට Adsense ලබා දෙන්නෙ නැත.ඒ අනුව ඔබ Adsense ගිණුමක් සාදා ගැනීමට අවශ්‍ය නම් ඔබ විසින් ඉංග්‍රීසියෙන් බ්ලොගයක් ලිවිය යුතුයි.

15.Adsense ගන්න මාස 06කට වඩා පැරණි බ්ලොගයක් තිබිය යුතුද?
නැත.මේක සීඝ්‍රයෙන් පැතිර ගිය කට කථාවක් පමණි.එම නිසා ඔබේ බ්ලොගයේ ගුණාත්මක භාවය හොදයි නම් ඔබට ඕනම අවස්ථාවක Adsense ගිණුමක් ලබා ගත හැක.

16.ඇඩ්සෙන්ස් ලැබෙන්න නම් බ්ලොග් එකක තිබිය යුතු දෑ හා නොතිබිය යුතු දෑ මොණවාද?
මෙච්චර කල් මම එක එක කුණුහරුප කිව්වා.ඒත් තේරෙන්නේ නැහැ.පහත ලින්ක් එකෙන් ගිහින් බලන්න ඇඩ්සෙන්ස් ලැබෙන්න නම් බ්ලොග් එකේ තියෙන්න ඕන සහ නොතියෙන්න ඕන දේවල් ගැන තියෙනවා.ඉංග්‍රීසියෙන් තියෙන්නේ.තේරෙන්නේ නැති නම් කියන්න.පුලුවන් වුනොත් ඒක සිංහලෙන් දාන්නම් ඉදිරියේදී.
Want to make sure your content is not violating AdSense policies?

තව ප්‍රශ්න තියෙනවා.ඒත් මතක් වෙන්නේ නැහැ.ඒක නිසා ඔයාලාට පුලුවන් පහතින් Comment කරන්න.මම ඕන වෙලාවක සූදානම් එම ප්‍රශ්න වලට පිලිතුරු සපයන්න.

දැන් තේරෙනවා ඇතිනේ Adsense ගැන.මම දකින ආකාරයට ඔබ කිසිම කෙනෙක්ගෙන් Adsense ගිණුමක් මිලදි ගත යුතු නැහැ.ඔබ කළ යුත්තේ ඔබේම Adsense ගිණුමක් සාදා ගැනීමයි.මොකද ඔබම Adsense එක්ක ඔට්‍ටු වෙලා කිහිප වතාවක් Adsense Disable කරගෙන නැගිට නැගිට යන කෙනා තමා ජය ගන්නේ.එම නිසා කාටවත් සල්ලි ගෙවලා ගිණුම් හදා ගන්න ඕන නැහැ.සල්ලි දීලා ගිණුම් හදාගෙන Disable වුණාම Adsenseට බැනලා හරි යන්නේ නැහැ.ඔබ මේ සියල්ල කියවලා එකතු කරගන්නා දැනුම තුලින් අත්දැකීම් එකතු කරගන්න ඕන.ඒ සදහා ඔබ Adsense එක්ක ඔට්‍ටු වෙන්න ඕන.


ඉහත රූපයේ තියෙන්නේ කඩ්ඩෙන් කොටා ඩොලර් ඉපයීම යටතේ ඔබට iWriterහිදී නිම කළ හැකි ජොබ් පිලිබද Screenshot එකක්.පේනවානේ අපිට කරන්න තියෙන්නේ වචන 500-1000ක් රචනයක් ලියන්න.ඔබට පේනවා ඇති ඒ අනුව අපිට පැය 2කට $14ක් කියන්නේ රු:130X14 = රු:1820ක් උපයන්න පුලුවන්.ඒ අනුව පැයකට ඔබට අන්තර්ජාලය හරහා රු910ක් උපයන්න පුලුවන්.සාමාන්‍යයෙන් පුද්ගලයෙක් දිනකට පැය 8 බැගින් දින 20ක් වැඩ කරලා රු32,000ක් ඉපයුවොත් ඔහුගේ පැයක ආදායම රු200කි.සිතන්න මෙන්න නියම ක්‍රම අන්තර්ජාලයෙන් උපයන්න.මම දන්නවා ඔබට ඉංග්‍රීසියෙන් ලියන්න බැරි බව.නමුත් ඔහොම ඉන්න.මම ඉංග්‍රීසි ලිපි මාලාවක් ලියනවා.ඒ ලිපි සරල මට්ටමේ සිට සංකීර්ණත්වයට යන ආකාරයට ලියන්නේ.ඒ අනුව ඔබට ඉංග්‍රීසි ව්‍යාකරණ වලට අනුකූලව ඉංග්‍රීසියෙන් ලිපි,රචනා,ලියුම් ඇතුලුව සියලුම දේ ලියන හැටි කියලා දෙන්නම්.එතකොට ඒ දවසට මේ කියන දෙය ජයගන්න ඔබට හැකි වේවී.එලෙසම Fiverr වලත් මේ පැත්තෙන් හොද ගානක් හොයා ගන්න පුලුවන් වේවී.

Adsense Account සාදා දීමේ මා‍ෆියාවට ඔබත් හසු වූවාද? හසු වීමට සිටින්නේද?

Adsense Account සාදා දීමේ මා‍ෆියාවට ඔබත් හසු වූවාද? හසු වීමට සිටින්නේද?

 

මේ දවස් වල ගොඩක් අය කථා කරලා අහනවා මේ ඇඩ්සෙන්ස් ගැන.කාලයක සිට ඇඩ්සෙන්ස් ගිණුම් සකසා දීමට විවිධ ආයතන විවිධ පුද්ගලයන් ඉදිරිපත් වුණා.ඒ අතර බොහෝ පිරිසක්  අද දක්වාත් මේ කටයුත්ත කරගෙන යන අතර දිනපතා විශාල පිරිසක් මේ කටයුත්ත ‍රැකියාවක් ලෙස කරගෙන යාමට පිවිසෙනවා.ඒ අතර දිනපතා ඊමනී කියන දෙයට අලුතින් එකතුවන බොහෝ පිරිසක් මේ ඇඩ්සෙන්ස් ගිණුම් මිලදී ගැනීමට පෙලඹෙනවා.ඉතිං මම කථා කරන්නේ ඕනම දෙයක් කරනවා නම් ඒකේ සාධාරණත්වයක් තිබිය යුතුයි.එහෙත් මේ කටයුත්ත කරන බොහෝ දෙනෙක් කරන්නේ ගොනාට අන්දවා සුරංගනා ලෝක මවාපා ඒවා තුල බොහෝ පිරිස් සිර කර ඔවුන්ගෙන් සූරා කෑමකි.

මොනාද මේ Hosted Adsense Accounts කියන්නේ ?.......


ගොඩක් වෙලාවට මේ ඇඩ්සෙන්ස් හදලා දෙන අය කියන්නේ තමා මුදලක් අය කරන්නේ බ්ලොග් එකක් හදලා ඒකට පෝස්ට් දාලා ඒක ඩිසයින් කරලා ඒකට ඇඩ්සෙන්ස් අරන් දෙන්න ගන්න මහන්සියටලු.ඒ වගේම තව කියන දෙයක් තමා සමහර වෙලාවට බ්ලොග් දෙක තුනක් හදලා උත්සාහ කරන්න වෙනවලු.ඉතිං මේ අය ඇත්තටම බ්ලොග් හදලා ඇඩ්සෙන්ස් අරන් දෙනවා නම් කවදාවත් Hosted ඇඩ්සෙන්ස් ගිණුම් ලැබෙන්නේ නැහැ.එහෙනම් සපයන්න ඕන Genuine Adsense ගිණුම්.ඒ කියන්නේ කරන්නේ මුලාව.එහෙනම් මුලින්ම කියන්නම්කෝ මේ Hosted Adsense Accounts කියන්නේ මොනාද කියලා.

මතක ඇතිනේ Docstock කියලා සයිට් එකකින් ඇඩ්සෙන්ස් දුන්නා.ඒ වගේ තමා Adsense Partner සයිට් කියලා සයිට් ගොඩක් තියෙනවා.මේවායෙන් ලබා දෙන ඇඩ්සෙන්ස් ගිණුම් තමා Hosted Adsense ගිණුම් කියන්නේ.ඉතිං මෙසේ ලබා ගන්නා ඇඩ්සෙන්ස් ගිණුම් වලින් 50%ක් Adsense Partner අඩවියට හිමිවෙනවා.ඒක නිසා තමයි ගොඩක් අයට ඇඩ්සෙන් ගෙවනවා අඩුයි කියලා තේරෙන්නේ.ඇඩ්සෙන්ස් ඉස්සර වගේ එක ක්ලික් එකකට ගෙවන්නේ නැති කථාව ඇත්ත.එහෙත් එසේ එක ක්ලික් එකකට $0.01 දක් ඔවුන් අඩු කර නැත.ගොඩක් අය කියන කථාවක් තමා ඕක.ඒක නිසා කවුරු හරි ඔබෙන් රු2500ක් 3000ක් අරන් Hosted ඇඩ්සෙන්ස් ගිණුම් හදලා දෙනවා නම් එහි පලක් නැත.ඔබට වුණත් Hosted ඇඩ්සෙන් ගිණුමක් සකසා ගත හැක.

මේ ඇඩ්සෙන්ස් ගිණුම් හදලා දෙන අය කරන්නේ Adsense Partner වෙබ් අඩවියක් හරහා ඇඩ්සෙන් ගිණුමක් සකසා ගැනීමයි.අනතුරුව මෙලෝ රහක් නැති බ්ලොග් එකක් හදනවා.ඒකේ පෝස්ට් ටිකක් දානවා.ඊට පස්සේ ඒකේ ඇඩ්සෙන්ස් ගිණුමෙන් ඇඩ් දානවා.Adsense Partner වෙබ් අඩවි ගැන දන්නේ නැති අය කරන්නේ Fiverr වල ඇඩ්සෙන්ස් ගිණුම් හදලා  දෙන අය ඉන්නවා.එයාලා හදලා දෙන්නෙත් මේ Hosted ගිණුම් තමා.ඔවුන් පැය 24ක් ඇතුලත සකසා දෙනවා.ඉන් අනතුරුව මෙලෝ රහක් නැති බ්ලොග් එකක් හදලා ඒකට ඇඩ්සෙන්ස් දානවා.Hosted Adsense ගිණුමක් සකසා ගෙන බ්ලොග් එකකට ඇඩ්සෙන්ස් දාන්න යන්නේ පැය 24කට අඩු කාලයක්.එහෙත් මේ ඇඩ්සෙන්ස් ගිණුම් හදලා දෙන අය දවස් 4 හෝ 7ක් විතර ගන්නවා.එයින් ඔවුන් හැගවීමට උත්සාහ කරන්නේ ඔවුන් ඇත්තට බ්ලොග් හදලා ඇඩ්සෙන්ස් ඉල්ලලා අපිට ඇඩ්සෙන්ස් අරන් දෙන බවකි.මේක මුලාවකි.මූසල කලාවකි.

එම නිසා කිසිවිටෙකත් මේ වගේ කාලකණ්ණි වැඩ කරන අයගෙන් ඔබ ඇඩ්සෙන්ස් ගන්න එපා.අවශ්‍ය නම් පහත Adsense Partner වෙබ් අඩවි වලින් ඇඩ්සෙන්ස් ගිණුමක් සකසා ගන්න.එහෙමත් බැරි නම් Fiverr වලින් $5ක් ගෙවා ඇඩ්සෙන්ස් ගිණුමක් සකසා ගන්න.ගොඩක් වෙලාවට මේ අය බ්ලොග් එකට ඩොමේන් අරන් දෙනවා.ඒකට විශාල මුදලක් ගන්නවා.උදාහරණයකට ඩොට් කොම් එකක ඇත්ත වටිනාකම වන $13ක් ගන්නවා.එහෙත් ඔවුන් Godaddy වල Coupon ගහලා ඉතා අඩු මුදලකට මේ ඩොමේන් ගන්නවා.එතකොට එයිනුත් විශාල ලාභයක් උපයා ගන්නවා.

Hosted & Genuine Adsense ගිණුම් හදුනා ගැනීම......

බ්ලොගයේ ඇඩ්සෙන්ස් කෝඩ් කියවීමෙන් මෙය පහසුවෙන් හදුනා ගත හැක.ඇඩ්සෙන්ස් ගිණුමේ කේතවල අපේ ඇඩ්සෙන්ස් ID එක google_ad_client="pub-xxxxxxxxxxxx"; ලෙස සටහන් කරයි.යම්කිසි ඇඩ්සෙන්ස් ඇඩ් යුනිට් වල ලෙස google_ad_client="pub-xxxxxxxxxxxx"; එක ID එකක් පමණක් තිබේ නම් එය Genuine Adsense ගිණුමකි.නමුත් Hosted ගිණුම් වල google_ad_host="pub-yyyyyyyyyyyy"; ලෙස අපේ google_ad_client="pub-xxxxxxxxxxxx"; ID එක සහ ඊට යට පේලියේ අපේ Hoster ගේ ID එක google_ad_host="pub-yyyyyyyyyyyy"; ලෙස සටහන් කර ඇත.මේ අනුව Hosted & Genuine ගිණුම් හදුනා ගත හැක.


පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න.

ඔබටත් දිනකට ඉම්ප්‍රශන් 100,000කට වඩා වැඩියෙන් ලැබෙන් අඩවියක් තිබේ නම් ඔබටත් ඇඩ්සෙන්ස් හොස්ටර් කෙනෙක් බවට පත්විය හැක.

කොහොමද Hosted Adsense ගිණුමක් Genuine Adsense ගිණුමක් බවට පරිවර්තනය කරන්නේ ?........


ඔබට ඔබේ Hosted ඇඩ්සෙන්ස් ගිණුම Genuine ඇඩ්සෙන්ස් ගිණුමක් බවට පරිවර්ථනය කර ගත හැක.ඒ සදහා පහත රූප සටහන් වල පරිදි කටයුතු කරන්න.

පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න.
ඇඩ්සෙන් ගිණුමේ Account Settings වෙත යන්න.එහි Access and authorization යටතේ ඇති Sites authorized to show ads හි edit යන්න ක්ලික් කරන්න.
පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න.

එවිට විවෘත වන පේජ් එකේ I Will Show Ads On යන තැනට ඔබ හොද බ්ලොග් එකක් සකසා එය ඇතුලත් කරන්නේ.එවිට් ඔබේ බ්ලොග් එක විමර්ශනය කොට ඔබේ බ්ලොග් එක හොද නම් ඔබට Genuine Adsense ගිණුමක් ලබා දේවී.ඔබ ඉදිරිපත් කරන බ්ලොග් අඩවියේ Ad Unit යුනිට් ස්ථාන ගත වී තිබීම අනිවාර්ය වේ.

පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න.
ඉතිං මේ ආකාරයට ඔබට ඔබේ Hosted ඇඩ්සෙන්ස් ගිණුම Genuine ඇඩ්සෙන්ස් ගිණුමක් බවට පරිවර්ථනය කර ගත හැක.Genuine ඇඩ්සෙන්ස් ගිණුම් වල ඔබට ක්ලික් එකකට ලැබෙන මුදල ඉතා ඉහලය.එම නිසා කිසිවිටෙකත් Hosted ඇඩ්සෙන්ස් ගිණුම් මිලදී ගන්න එපා.

Sunday, June 16, 2013

Mouse එකේ රෝල කරකවන්නම ඕනේ නෑ.

Mouse එකේ රෝල කරකවන්නම ඕනේ නෑ 

 

මේක අපි නොදන්න  පොඩි Trick එකක්.
ගොඩක් අය මේක use කරනවා අඩුයි.
අපි පැය ගානක් දවසට කොම් එක ඉස්සරහ ඉන්නවනේ. එහෙම ඉන්නකොට Mouse එකේ Scroll wheel එක නිතරම කරකවනවා. දවසම කරනකොට මේක එපා වෙනවා.


එහෙම නැතුව Internet ඉන්නකොට page වල උඩට යටට යන්න මෙහෙම පුළුවන්.
  • අපිට අවශ්‍ය Internet page එකට යන්න.
    (Ex: www.facebook.com)
  • දැන් page එකේ මැදට වෙන්න Mouse pointer එක තියලා Mouse එකේ Scroll wheel එක click කරන්න.
    (කරකවන්න නෙමෙයි, Click කරන්න)
  • දැන් Mouse එක වම් පැත්තට ගෙනියන්න. එතකොට ඔයාට පෙනේවි Page එකේ පහලට Auto යනවා.ගොඩක් වමට ගියොත් Speed එකත් වැඩි වෙයි.
  • දකුණු පැත්තට ගෙනියනකොට Page එකේ උඩට යාවි.

මේ විදියට අපිට Facebook වගේ ඉන්නකොට status බලන්න ලේසියි. ඒ වගේම මේක වෙන website වලටත් කරන්න පුළුවන්.

ජංගම දුරකතනය හොරුන්ගෙන් බේරා ගනිමු.

ඔබගේ වටිනා ජංගම දුරකතනය හොරුන්ගෙන් බේරා ගනිමු.


ඔයාගෙ phone එක වටිනා එකක්නම් ඒක කවදහරි නැති වුනොත් ඔයාට ගොඩක් දුකයි නේද?
එකෙ ඔයාගෙ පෞද්ගලික දේවල් තිබුනොත් එතන ඊට වඩා ප්‍රශ්න වෙනවනේ.
ඉතින් ඒ වගේ වෙලාවක හොරාගෙ බෙල්ලෙන්ම අල්ල ගන්න විදියක් අද කියන්නම්කෝ.


මේ function එක දැන් normal samsung phone වලටත් එනවා. හැබැයි මේකෙ තියන විශේෂත්වය තමයි මේකට phone එක තියන තැන හොයාගන්න පුලුවන් වීම. ඒ කියන්නෙ මේකෙ sim tracker තාක්ෂණයට අමතරව තවත් දේවල් තියනවා.
 Android අය මෙතනින් ගන්න සොෆ්ට්වෙයා එක.
 Symbian අය මෙතනින් ගන්න.
windows phone අය මෙතනින් ගන්න.
Blackberry අය මෙතනින් ගන්න.
හරිදැන් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ට්‍රෝල් කරලා softwear එක open කරහම මෙහෙම කරන්න.




Option--->Anti-lost settings


මෙතනට ඔයාගෙ යාලුවගෙ phone no එක enter කරන්න. එතකොට ඔයාගෙ phone එක ගත්ත කෙනා sim එක මාරු කලාම ඒ යාලුවගෙ no එකට message එකක් එනවා. එයා 10 වතාවක් sim එක මාරු කලොත් 10 වතාවෙම එයාට message යනවා. 



මෙතන Sms for sim card change කියන එකට ගිහින් ඔයාගෙ නම දෙන්න. එතකොට ඔයාගෙ නමත් එක්ක message එනකොට යාලුවට ඒවි. 

Anti lost password කියන එකට password එකක් දැම්මනම් කාටවත් මේ application එක delete කරන්නත් බෑ, settings වෙනස් කරන්නත් බෑ.

 
කොහොමද නැති වුන phone එක තියන තැන හොයා ගන්නේ?

මේකට කරන්න තියෙන්නෙ මේ විඩියට message එකක් type කරලා අර නැතිවුන phone එකේ දැන් තියන no එකට send කරන එක.


ඔයා ඒ යවන message ඔයාට ඕන තරම් යවන්න පුලුවන්. එතකොට phone එක නැති වුනත් හොරා අල්ල ගන්නකම් හොරා phone එක අරගෙන යන්නෙ කොහේටද කියලා බලන්න පුලුවන්නේ. 
ඔබේ අදහස් අපිට ගොඩාක් වැදගත්.