Adsense Account සාදා දීමේ මාෆියාවට ඔබත් හසු වූවාද? හසු වීමට සිටින්නේද?
මොනාද මේ Hosted Adsense Accounts කියන්නේ ?.......
ගොඩක් වෙලාවට මේ ඇඩ්සෙන්ස් හදලා දෙන අය කියන්නේ තමා මුදලක් අය කරන්නේ බ්ලොග් එකක් හදලා ඒකට පෝස්ට් දාලා ඒක ඩිසයින් කරලා ඒකට ඇඩ්සෙන්ස් අරන් දෙන්න ගන්න මහන්සියටලු.ඒ වගේම තව කියන දෙයක් තමා සමහර වෙලාවට බ්ලොග් දෙක තුනක් හදලා උත්සාහ කරන්න වෙනවලු.ඉතිං මේ අය ඇත්තටම බ්ලොග් හදලා ඇඩ්සෙන්ස් අරන් දෙනවා නම් කවදාවත් Hosted ඇඩ්සෙන්ස් ගිණුම් ලැබෙන්නේ නැහැ.එහෙනම් සපයන්න ඕන Genuine Adsense ගිණුම්.ඒ කියන්නේ කරන්නේ මුලාව.එහෙනම් මුලින්ම කියන්නම්කෝ මේ Hosted Adsense Accounts කියන්නේ මොනාද කියලා.
මතක ඇතිනේ Docstock කියලා සයිට් එකකින් ඇඩ්සෙන්ස් දුන්නා.ඒ වගේ තමා Adsense Partner සයිට් කියලා සයිට් ගොඩක් තියෙනවා.මේවායෙන් ලබා දෙන ඇඩ්සෙන්ස් ගිණුම් තමා Hosted Adsense ගිණුම් කියන්නේ.ඉතිං මෙසේ ලබා ගන්නා ඇඩ්සෙන්ස් ගිණුම් වලින් 50%ක් Adsense Partner අඩවියට හිමිවෙනවා.ඒක නිසා තමයි ගොඩක් අයට ඇඩ්සෙන් ගෙවනවා අඩුයි කියලා තේරෙන්නේ.ඇඩ්සෙන්ස් ඉස්සර වගේ එක ක්ලික් එකකට ගෙවන්නේ නැති කථාව ඇත්ත.එහෙත් එසේ එක ක්ලික් එකකට $0.01 දක් ඔවුන් අඩු කර නැත.ගොඩක් අය කියන කථාවක් තමා ඕක.ඒක නිසා කවුරු හරි ඔබෙන් රු2500ක් 3000ක් අරන් Hosted ඇඩ්සෙන්ස් ගිණුම් හදලා දෙනවා නම් එහි පලක් නැත.ඔබට වුණත් Hosted ඇඩ්සෙන් ගිණුමක් සකසා ගත හැක.
මේ ඇඩ්සෙන්ස් ගිණුම් හදලා දෙන අය කරන්නේ Adsense Partner වෙබ් අඩවියක් හරහා ඇඩ්සෙන් ගිණුමක් සකසා ගැනීමයි.අනතුරුව මෙලෝ රහක් නැති බ්ලොග් එකක් හදනවා.ඒකේ පෝස්ට් ටිකක් දානවා.ඊට පස්සේ ඒකේ ඇඩ්සෙන්ස් ගිණුමෙන් ඇඩ් දානවා.Adsense Partner වෙබ් අඩවි ගැන දන්නේ නැති අය කරන්නේ Fiverr වල ඇඩ්සෙන්ස් ගිණුම් හදලා දෙන අය ඉන්නවා.එයාලා හදලා දෙන්නෙත් මේ Hosted ගිණුම් තමා.ඔවුන් පැය 24ක් ඇතුලත සකසා දෙනවා.ඉන් අනතුරුව මෙලෝ රහක් නැති බ්ලොග් එකක් හදලා ඒකට ඇඩ්සෙන්ස් දානවා.Hosted Adsense ගිණුමක් සකසා ගෙන බ්ලොග් එකකට ඇඩ්සෙන්ස් දාන්න යන්නේ පැය 24කට අඩු කාලයක්.එහෙත් මේ ඇඩ්සෙන්ස් ගිණුම් හදලා දෙන අය දවස් 4 හෝ 7ක් විතර ගන්නවා.එයින් ඔවුන් හැගවීමට උත්සාහ කරන්නේ ඔවුන් ඇත්තට බ්ලොග් හදලා ඇඩ්සෙන්ස් ඉල්ලලා අපිට ඇඩ්සෙන්ස් අරන් දෙන බවකි.මේක මුලාවකි.මූසල කලාවකි.
එම නිසා කිසිවිටෙකත් මේ වගේ කාලකණ්ණි වැඩ කරන අයගෙන් ඔබ ඇඩ්සෙන්ස් ගන්න එපා.අවශ්ය නම් පහත Adsense Partner වෙබ් අඩවි වලින් ඇඩ්සෙන්ස් ගිණුමක් සකසා ගන්න.එහෙමත් බැරි නම් Fiverr වලින් $5ක් ගෙවා ඇඩ්සෙන්ස් ගිණුමක් සකසා ගන්න.ගොඩක් වෙලාවට මේ අය බ්ලොග් එකට ඩොමේන් අරන් දෙනවා.ඒකට විශාල මුදලක් ගන්නවා.උදාහරණයකට ඩොට් කොම් එකක ඇත්ත වටිනාකම වන $13ක් ගන්නවා.එහෙත් ඔවුන් Godaddy වල Coupon ගහලා ඉතා අඩු මුදලකට මේ ඩොමේන් ගන්නවා.එතකොට එයිනුත් විශාල ලාභයක් උපයා ගන්නවා.
Hosted & Genuine Adsense ගිණුම් හදුනා ගැනීම......
බ්ලොගයේ ඇඩ්සෙන්ස් කෝඩ් කියවීමෙන් මෙය පහසුවෙන් හදුනා ගත හැක.ඇඩ්සෙන්ස් ගිණුමේ කේතවල අපේ ඇඩ්සෙන්ස් ID එක google_ad_client="pub-xxxxxxxxxxxx"; ලෙස සටහන් කරයි.යම්කිසි ඇඩ්සෙන්ස් ඇඩ් යුනිට් වල ලෙස google_ad_client="pub-xxxxxxxxxxxx"; එක ID එකක් පමණක් තිබේ නම් එය Genuine Adsense ගිණුමකි.නමුත් Hosted ගිණුම් වල google_ad_host="pub-yyyyyyyyyyyy"; ලෙස අපේ google_ad_client="pub-xxxxxxxxxxxx"; ID එක සහ ඊට යට පේලියේ අපේ Hoster ගේ ID එක google_ad_host="pub-yyyyyyyyyyyy"; ලෙස සටහන් කර ඇත.මේ අනුව Hosted & Genuine ගිණුම් හදුනා ගත හැක.
ඔබටත් දිනකට ඉම්ප්රශන් 100,000කට වඩා වැඩියෙන් ලැබෙන් අඩවියක් තිබේ නම් ඔබටත් ඇඩ්සෙන්ස් හොස්ටර් කෙනෙක් බවට පත්විය හැක.
කොහොමද Hosted Adsense ගිණුමක් Genuine Adsense ගිණුමක් බවට පරිවර්තනය කරන්නේ ?........
ඔබට ඔබේ Hosted ඇඩ්සෙන්ස් ගිණුම Genuine ඇඩ්සෙන්ස් ගිණුමක් බවට පරිවර්ථනය කර ගත හැක.ඒ සදහා පහත රූප සටහන් වල පරිදි කටයුතු කරන්න.
පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න.
ඇඩ්සෙන්
ගිණුමේ Account Settings වෙත යන්න.එහි Access and authorization යටතේ ඇති
Sites authorized to show ads හි edit යන්න ක්ලික් කරන්න.
පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න.
එවිට
විවෘත වන පේජ් එකේ I Will Show Ads On යන තැනට ඔබ හොද බ්ලොග් එකක් සකසා එය
ඇතුලත් කරන්නේ.එවිට් ඔබේ බ්ලොග් එක විමර්ශනය කොට ඔබේ බ්ලොග් එක හොද නම්
ඔබට Genuine Adsense ගිණුමක් ලබා දේවී.ඔබ ඉදිරිපත් කරන බ්ලොග් අඩවියේ Ad
Unit යුනිට් ස්ථාන ගත වී තිබීම අනිවාර්ය වේ.
පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න.
ඉතිං මේ ආකාරයට ඔබට ඔබේ Hosted ඇඩ්සෙන්ස්
ගිණුම Genuine ඇඩ්සෙන්ස් ගිණුමක් බවට පරිවර්ථනය කර ගත හැක.Genuine
ඇඩ්සෙන්ස් ගිණුම් වල ඔබට ක්ලික් එකකට ලැබෙන මුදල ඉතා ඉහලය.එම නිසා
කිසිවිටෙකත් Hosted ඇඩ්සෙන්ස් ගිණුම් මිලදී ගන්න එපා.





මගේ adsense ගිණුම block වී ඇත. youtube videos uplord කිරීමට නොහැක. මා අතින් copy right වී ඇති බවයි youtube විසින් පවසන්නේ. මෙය නැවත නිවරුදි කර ගත හැකිද?
ReplyDeleteමගේ adsense ගිණුම block වී ඇත. youtube videos uplord කිරීමට නොහැක. මා අතින් copy right වී ඇති බවයි youtube විසින් පවසන්නේ. මෙය නැවත නිවරුදි කර ගත හැකිද?
ReplyDelete